ජනතාවගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් දැනුම්දීමක්..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බවයි.
එනම්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, ව්‍යාජ වෙළෙඳුන් සහ කල්ඉකුත් වු භාණ්ඩ ද උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපොළට පැමිණිය හැකි බවය. "කල්ඉකුත් වුණ භාණ්ඩ ආකර්ෂණීය මිල ගණන්වලට නිකුත් කරනවා.
ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමා ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එනවා සංවිධානාත්මක පිරිස්. ඒ වගේම තමා වටිනා කියන රත්‍රං ආභරණ පැළඳගෙන යන්න එපා. ඔබගේ මුදල් පසුම්බිය අත්බෑගය ප්‍රවේශම් කරගන්න කල්පනාකාරී වෙන්න. මොකද මේ ගැට කපන්නන් සංවිධානාත්මකව මෙවැනි ප්‍රදේශවල සැරිසරනවා. සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තියෙනවා බීමත්ව රිය ධාවනය කරන එක ගැන පරීක්ෂා කරන්න.
අත්අඩංගුවට ගන්න ඔවුන්ට එරෙහිව දඬුවම් තදින් ක්‍රියාත්මක කරන්න කියන එක. ඔබගේ පහසුව සඳහා ජනාකීර්ණ නගරවල පොලිස් නිලධාරීන් යොදවලා ඉන්නවා. බුද්ධි නිලධාරීන් යොදවලා ඉන්නවා. සමහරවිට පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් ඉන්නවා සමහර ප්‍රදේශවල. ඒ වගේම බක්මහ උළෙලවල් සුදානම් කිරීමේ දී ඒවා සංවිධානය කරන අය ඒවට සහභාගිවෙන අයගේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. පොලීසිය සමග සම්බන්ධීකරණය වෙන්න..."