22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සජබෙන් දැවැන්ත විරෝධතාවක් -බත්තරමුල්ල සහ පොල්දූව හන්දිය අවට තදබදයක්
By Kanchana
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව හන්දිය සහ දියත උයන අවට ප්‍රදේශවල රථවාහන තදබදයක් හටගෙන තිබේ.
යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ වන අතර, ඊට අදාළ ඡන්ද විමසීම සිකුරාදා (25) පැවැත්වීමට නියමිතය.
මේ වනවිට බත්තරමුල්ල ප්‍රදේශයට වැසි ඇද හැලෙමින් පවතින අතර වැසි නොතකා කළු පටි පැලඳ විරෝධතාකරුවන් පොල්දූව මංසන්ධියට රැස්ව ඇත.
විරෝධතාවයට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටී.