ගෑස් හිඟයට විසඳුම් ලැබෙයි - අඛණ්ඩව ගෑස් ලබාදෙන්න ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දුන් හදිසි පොරොන්දුව මෙන්න

Report

 දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (19) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කර ඇත .

එම සමාගම සදහන් කළේ මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව මේ වන විට මෙරටට ළඟා වී ඇති බවත්, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි .

අඛණ්ඩව ගෑස් තොග ලැබීම හේතුවෙන් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු වේගවත් කරමින් වෙළෙඳපොළට සාමාන්‍ය පරිදි ගෑස් සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සදහන් කර ඇත.

තවද පසුගිය 16 වැනිදා සිට ඊයේ (18) දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබෙන වග එම සමාගම ප්‍රකාශ කර තිබේ .

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න