හිමිකරුවන් රැගෙන නොගිය සියලුම අංක තහඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවට දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ අංක තහඩු මුද්‍රණය නතර කිරීමට පෙර මුද්‍රණය කර තිබූ අංක තහඩු ලක්ෂයක පමණ තොගය අතරින් හිමිකරුවන් රැගෙන ගොස් ඇත්තේ අංක තහඩු විස්සක් පමණක් බවයි.
ඒ අනුව පසුගිය 2023 හා 2024 වර්ෂවලදී මුද්‍රණය කර ඇති අංක තහඩු ලක්ෂයක පමණ තොගයක් හිමිකරුවන් භාර නොගැනීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවල ගොඩ ගැසී තිබෙන බව සඳහන්.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ එම කාලයේ වාහන ආනයනය නොවූවද පැවරුම්වලදී පළාත් මාරු වූ වාහනවල අංක තහඩු මෙසේ වැඩි වශයෙන් ගොඩ ගැසී තිබූ බවයි.
තවද මෙසේ ගොඩ ගැසී තිබූ අංක තහඩු ජුනි 30 වැනි දිනට පෙර ලබාගන්නා ලෙසත් නොවන්නේ නම් ඒවා අබලි යකඩ සඳහා යොමුකරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මාස දෙකකට පෙරාතුවම දැනුම්දී තිබුණත් එම කාලය තුළ හිමිකරුවන් රැගෙන ගොස් ඇත්තේ අංක තහඩු 20 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවද එම නිලධාරියා පවසා ඇත.
ඒ අනුව මේ වන විට අංක තහඩු මුද්‍රණ කටයුතු නව සමාගමක් මඟින් ආරම්භ කර ඇති පසුබිමක හිමිකරුවන් රැගෙන නොගිය සියලුම අංක තහඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා ප්‍රකාශ කළ බව සඳහන්.