විමල්, ගම්මන්පිල සහ දිලිත්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල කල් යයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල එළැඹෙන ඔක්තෝබර් 23 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල අද (19) කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම යළි කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
පාස්කු ඉරුදින ප්රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පැවැති විරෝධතාවලදී අදහස් දක්වමින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.