පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට

Report

පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සදහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය පාලන ඒකකයට ලද තොරතුරක් මත පුත්තලම, තිල්ලඩිය ප්‍රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු තිල්ලඩිය ප්‍රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නකුලේෂ්වරන් නමැති අයෙකු බව පොලිසිය සඳහන් කරයි ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව වාර්තා වේ .

පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය අද (19) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කර ඇත

පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන සිදුකරන බවයි   

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්