අහස් යානය ඇතුළේදී සිද්ධ වුණු පුදුම වැඩේ - කුවේට් ඉඳන් ආපු ලාංකික තරුණිය ගුවන් යානය ඇතුළෙම පුතෙක් ප්‍රසූත කරයි

By Kanchana Oct 19, 2026 05:03 AM GMT
Report

කුවේටයේ සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ජසීරා එයාර්වේස් ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් අද (19) අලුයම පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම කාන්තාව ගෘහ සේවිකාවක ලෙස රැකියාව කිරීම සඳහා 2024 වසරේදී කුවේටය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඇය ගමන් කරමින් සිට ඇත්තේ අද අලුයම 2.52ට කුවේට් නුවරින් පිටත් වූ ජසීරා එයාර්වේස් ගුවන් සමාගමට අයත් J9-551 දරනගුවන් යානයෙනි. වාර්තා වන අන්දමට, තදින් සිරවන ඩෙනිම් කලිසමක් ඇඳ සිටීම හේතුවෙන් ඇයගේ ගර්භණීභාවය ගුවන් සේවා නිලධාරීන්ගේ අවධානයට ලක්ව නොතිබූ බව සඳහන් වේ.

සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියට ආසන්න ගැබිනි මව්වරුන් ගුවන් ගමන් සඳහා එක් කර ගැනීමේදී ගුවන් සමාගම් විවිධ සීමා පනවනු ලබයි.

කෙසේ වෙතත්, ගුවන් යානය තුළදීම කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ඇය දරුවා ප්‍රසූත කර ඇති අතර, එම අවස්ථාවේදී කිසිදු සංකූලතාවක් ඇති නොවූ බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ගුවන් යානය ගොඩබෑමට පෙර එය අසල ගිලන් රථයක්, වෛද්‍යවරුන් සහ හෙදියන් සූදානම් කර තැබීමට බලධාරීන් කටයුතු කර ඇත.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑමෙන් අනතුරුව මව සහ අලුත උපන් පුත්‍රයා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ. ලැබී ඇති තොරතුරුවලට අනුව, මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද 4 වන දිනටත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද 4 වන දිනටත්