අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහයෙන්
By Mithu
අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහ සහිතව පැවැත්වීමට තීරණය කර තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය විසින් අද (19) දින මෙම තීරණය ගෙන ඇත. දීර්ඝ කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උතුම් මෙහෙවරක් ඉටුකළ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන අනිද්දා (21) පස්වරුවේ මහනුවර ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.