අයියේ...රෝස පාට ජැකට් එක ඇඳගෙන හිටපු නංගි මම.. සිරිපා මලුවේදී මඟ හැරුණු අහිංසක ප්‍රේමය.. තරුණියක් බුකියම සංවේදී කරමින් කල ඉල්ලීම..

Gossip Love story Siripa maluwa
By Aruna Mar 25, 2022 12:59 AM GMT
Aruna

Aruna

Report

“එයා ගොඩක් වෙලා මම දිහා බලන් හිටියා. එයා මට අතින් කතා කරා එන්න කියලා ඒත් මට යන්න වුනේ නෑ”

“මම හිතනවා එයත් මාව හොයන්න ගොඩක් මහන්සි වෙලා හිටියේ කියලා..”

සමහර වෙලා අපේ හිත්වලට එන යන ආගන්තුක හැඟීම්වලට නම් තැබීමක් කරන්න අමාරුයි.

මේ කතාවත් හැඟීමක් ගැන කතාවක්. අහම්බෙන් වගේ සිරිපා වන්දනාවේදී මුණ ගැහුණු, නමුත් මඟ හැරුණු ඇස් දෙකක්.

තරුණියක් මුහුණු පොතේ ලියූ ඒ සටහනයි මේ..

මේ පෝස්ට් එක කියවන හැමෝගෙන්ම මම ඉල්ලන්නේ එකම එක දෙයක් විතරයි..

මගේ කථාව අහලා මේක ශෙයාර් කරලා මම හොයන කෙනාව මට හොයාගන්න උදව් කරන්න කියලා විතරයි..

අයියේ.. ඔයත් මේ පෝස්ට් එක දකීවි..ඔයාට මාව අනිවාර්යයෙන්ම මතකයි.

රෝස පාට ජැකට් එක ඇදගෙන හිටපු නංගි මම..

මම ඔයාවයි මේ හොයන්නේ මේ සිද්දිය වුනේ පසුගිය 19 වෙනි සෙනසුරාදා.

මම යහලුවන් පිරිසක් සමග ශ්‍රි පාදය කරුණා කිරිමට එදා උදේ පාන්දර 5.00ට පමණ නල්ලතන්නිය බස් නැවතුම්පල අසලින් පිටත් වුනා.

ඒ යන අතරමගදි මට කෙනෙක්ව මුනගැසුනා.

ඒ වෙලාවෙදිත් එයා එක්ක තවත් පුද්ගලයෙක් සෙල්ෆි ඡායාරූපයක් ගන්නවා මම දැක්කා.

එවෙලෙදි තමයි අපි දෙන්නා මුලින්ම හමුවුනේ.ඒත් මට ඒක එච්චර ගානක් ගියේ නෑ..

හැබැයි මීට කලින් අපි කොහේදිහරි හම්බවෙලා තියෙනවා වගේ හැගීමක් මට දැනුනා.

ඒත් ඇත්තටම අපි මුනගැහිලා තියෙනවා කියලා මතකයක් මට නෑ. ඉතින් අපි කතාවේ ඉස්සරහට යමුකෝ.

ශ්‍රි පාදය කරුණා කරන්න අපි තව ටික දුරක් ඉදිරියට යද්දී ආයෙම මට ඒ කෙනාව හමුවුණා.

එවෙලෙ තමයි අපි දෙන්නට දෙන්නා මුලින්ම හිනා වුනේ..කොහොම වුනත් ඔහොම ඉස්සරහට යන්න යන්න මට එයාව මග ඇරුනා..

මම සමන් දෙවියන්ට ප්‍රාර්ථනා කර කර ගියේ" අනේ දෙවියනේ කොහේදිහරි මට එයාව ආයෙම මුනගස්සන්න කියලා"ඒ කිව්ව විදියටම සීත ගගුලට ලං වෙද්දිම මම දැක්කා පාලම උඩට වෙලා එයා බලන් ඉන්නවා.

ඇත්තටම එවෙලේ මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා.. ඒත් එවෙලේ අපිට කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ.

කොහොම වුනත් එතනින් ඉස්සරහට අපි ගොඩක් වෙලාවක් යනකන් හම්බ වුනේම නැති තරම්..

කොහොමහරි අපි උඩ මලුවට ගිහින් ශ්‍රි පාදය වදින්න උඩට නගිනකොට මම දැක්කා එයා පහල ඉදන් බුදුන් වදිනවා.

එයා හිටියේ දොළොස්මහේ පහන වදින්න පහලට බහින්න තියෙන පඩිපෙල ලග.එයා මාව දැක්කා.

දැකලා මා එක්ක හිනා වුනා.මම හිතනවා එයත් මාව හොයන්න ගොඩක් මහන්සි වෙලා හිටියේ කියලා..

මොකද එයාගේ හිනාවෙන් මට ඒක තේරුනා..

එයා ඇදගෙන හිටියේ සුදු පාටට හුරු කොට කලිසමක්, දුඹුරු පාටට හුරු ටී ෂර්ට් එකක්..

දාගෙන හිටියේ සාමාන්‍ය සෙරප්පු දෙකක්..මලුව උඩදී ජර්සි එක ඉනේ බැදගෙන තමා හිටියේ.මම එතනදිත් දැක්කා ගොඩක් අය එයා එක්ක ෆොටෝස් ගහනවා.

වෙන වන්දනා නඩයක පිරිමි ලමයි ටිකකුයි,ගැහැණු ලමයි ටිකකුයි එයා එක්ක කතා කරා,සෙල්ෆි ගැහුවා.එයාලා දන්නවා ඇති මම මේ හොයන්නේ කවුද කියලා..

එවෙලෙදිත් අපිට කතා කරන්න වුනේ නෑ..මොකද ඒ තරමටම එයා එක්ක කතා කරන්න එන පිරිස වැඩී..එත් එයා මගේ පස්සෙන්ම හිටියා..

අන්තිමට මලුව වැදලා පහලට බහින්න සූදානම් වෙනකොටත්,පහලට බහිනකොටත්, එයා මගේ පිටි පස්සෙන් හිටියා.ඒත් ටික දුරක් යනකොට අපිට ආයෙම අපිව මග ඇරුනා.

නෑ ඒත් මං හිතුවා *නෑ මට එයාව මග ඇරුනේ නෑ, කොහේදි හරි මට එයාව ආයේ හම්බ වෙයි කියලා* ඒ හිතපු විදියටම ආයේ අපි පහලදි හම්බුනා..

එවෙලේ මම මගේ යාලුවෝ ටික එනකම් ටිකක් පාරෙන් අයින් වෙලා බලන් හිටියා..එතකොටම තමා එයා ආවේ..

එවෙලෙනම් එයා ගොඩක් වෙලා මම දිහා බලන් හිටියා.එයා මට අතින් කතා කරා එන්න කියලා ඒත් මට යන්න වුනේ නෑ ඒත් මට එයා ගැන දැනගන්න තිබ්බ ඒ ආසාව සහ කැමැත්ත නිසාම මම එයා පස්සේ යාලුවෝ ටික එක්ක පහලට ගියා..

ඒ යනකොට මම දැක්කා එයා කඩේක වාඩි වෙලා ඉන්නවා.

හැබැයි මම නොදැක්කා වගේ එතනින් ගියා..මම හිතනවා ඒක තමයි මම කරපු ලොකුම මෝඩ වැඩේ කියලා..

මොකද කතා කරන්න ලැබුණ අවස්තාවක් නැති කරගත්තා කියලා අදටත් මම පසුතැවෙනවා ඔහොම යද්දී මම පහල කඩේකට වෙලා බලන් හිටියා එයා එනකම්..

එවෙලෙනම් ඒ කඩේ සෙනග පිරිලා..ටික වෙලාවක් යනකොට මම දැක්කා එයා ආයෙම තව පහලට එනවා..

එවෙලෙ වැස්සත් එක්ක එයා ජර්සි එක ඇදගෙන ආවේ..ඒකත් කොල පාටට හුරු එකක්..

එවෙලෙනම් එයා මාව දැකලා නැවතිලා හිටියා ගොඩක් වෙලා..අවාසනාවකට වගේ මට බලන්නවත් වුනේ නෑ..

එතනදි තමයි අන්තිම පාරට මම එයාව දැක්කේ එවෙලේ ඉදන් හැම කඩයක් ගානේම වගේ මම එයාව හෙව්වා..ඒත් මට එයාව හම්බුනේ නෑ..

කිව්වට විශ්වාස කරන්න මම කන්ද බැහැලා ආයෙම ටික දුරක් ආපස්සට ආවා..එයා ඒ කොහේහරි ඇති කියන විශ්වාසෙන්.ඒත් මට එයාව හොයාගන්න බැරි වුණා ඉතින් මම ගෙදර ආවත් මගේ හිතට කිසි නිදහසක් නෑ..

කිසිම වැඩක් කරගන්න හිත දෙන්නේ නෑ.ඔහොම මම කල්පනා කර කර ඉද්දි තමයි මගේ යාලුවෝ ටික මට කිව්වේ *ඔයා වෙච්ච දේවල් ටික කියලා FB පෝස්ට් එකක් දාන්න හැමෝම ඔයාට උදව් කරාවි කියලා..

* අඩුම එයා කවදහරි මේ පෝස්ට් එක දකිවි කියලා.. *ඉතින් ඇත්තටම මම විශ්වාස කරනවා ඔයා මේක දකීවි කියලා.

සමහරවිට ඔයාට මාව අමතකද දන්නේ නෑ.හැබැයි එහෙම වෙන්න විදියක් නෑ..ඔයාට හොදට මතක ඇති මාව රෝස පාට ජැකට් එක ඇදලා,කලු පාට කලිසමක් ඇදන් හිටපු මාව. මතකනම් මට කතා කරන්න..බලන් ඉන්නවා..

එදා ඒ දැනුන හැගීම මට කියාගන්න තේරෙන්නේ නෑ..ජීවිතේ පලවෙනි වතාවට එහෙම අත්දැකීමක් ලැබුනේ..

ඉතින් එ මතක කවදාවත් මට අමතක වෙන්නේ නෑ...පරිස්සමට ඉන්න..පුලුවන් ඉක්මනට මට කතා කරන්න.බුදුසරණයි*

උපුටා ගැනීමක්.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. 
Join now


ReeCha