ශ්‍රීපාද වන්දනා සමය අවසන් කිරීම ගැන දැනුම් දීමක්..

Sri Lanka
By Aruna May 03, 2023 05:52 AM GMT
Aruna

Aruna

Report

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) වෙසක් පුන් පෝය දිනට පසු දිනෙන් (06) නිමාවට පත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් විසින් දැනුම්දී තිබෙනවා.

සිරිත් පරිදි ඉකුත් වසරේ(2022) දෙසැම්බර් පුන් පෝය දින ආරම්භ වී 2023 වෙසක් පුන් පෝය දිනය දක්වා ශ්‍රී පාද වන්දනා සමය පුරා මාස 06 ක කාලයක් පැවැත් වේ.

පෙර වසරවල දී මෙන්ම මෙවර ද ලක්ෂපාන යුද හමුදා කඳුවුරේ නිලධාරීන් ඇතුළු සෙබළ නිලයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ විශේෂ රන්සිවිගෙයක තැන්පත් කර නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලබන බවත් උන් වහන්සේ ප්‍රකාශ කළා.

ඉන් පසුව සධාතුක කරඬුව,සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානයේ සිට එදිනම පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව විශේෂ රිය පෙරහැරකින් ගමන් ආරම්භ කර මාවුස්සාකැලේ, ලක්ෂපාන, කිතුල්ගල, අවිස්සාවේල්ල හරහා එක් පෙරහැරක්ද, නෝර්වූඩ්, බගවන්තලාව හරහා අනෙක් පෙරහැර ද මඟින් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha