සිරිල් ගාමිනි පියතුමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය - CID අසල උණුසුම් තත්වයක් (VIDEO)

sri lanka East attack Siril gamini
By Sithumi Nov 22, 2021 06:03 PM GMT
Sithumi

Sithumi

Report

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තුන් වන දිනටත් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුවය.

මේ වන විට පියතුමන්ගෙන් පැය 20කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ප්‍රකාශ ගැනීම අදින් අවසන් විය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණී පියතුමන් ඉකුත් ඔක්තෝබර් 23 වනදා කර තිබූ ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැමිණිල්ලක් ගොනු කළේය

. ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 15 වැනිදා සහ 16 වැනිදා පියතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේය. 16 වැනිදා ප්‍රකාශ ලබාදීම අවසානයේ පියතුමන් සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුන්වන දිනටත් කැඳවීමක් කළද තමන් එය ප්‍රතික්ෂේප කළ බවය.

කෙසේවෙතත් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තුන් වන දිනටත් පෙනී සිටින ලෙස ගරු සිරිල් ගාමිණි පියතුමන්ට කළ කැඳවීමට අනුව පියතුමන් අද උදෑසන 9.45 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. උන්වහන්සේ පැමිණෙන විටත් පියතුමන්ලා කණ්ඩායමක් එම ස්ථානයේ නිහඬ විරෝධතාවක නිරතවිය. පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පස්වරු 1.45ට පමණ ගරු සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේය. එහිදී අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණී පියතුමන්


සිරිල් ගාමිණී පියතුමන් සීඅයිඩි යට කැඳවීම හේතුවෙන් ඇති වූ විරෝධය සහ උණුසුම් තත්වය  පහතින් නරඹන්න. ?