චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

Sri Lanka China Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 08, 2022 12:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Sinopec සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ, දේශීය වෙළෙඳපොළට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවිය සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ විදේශීය සමාගම් සඳහා ඉන්ධන වෙළෙඳපොළ විවෘත කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now