එන්නතක් ලබාගත් අයට විශේෂ නිවේදනයක්..

Covid Sri Lanka Shavendra silva Sinofarm vaccines
By Aruna May 31, 2021 06:08 AM GMT
Aruna

Aruna

Report

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූනි මස 08 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පළමු මාත්‍රා ලබාගත් පුද්ගලයින්ට සිය කාඩ් පතේ සඳහන් නියමිත දිනයේ දී සහ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාගැනිමේ හැකියාව පවතින බව යුද හමුදාපතිවරයා කියාසිටියේය.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට ජනතාව වෙත ලබාදීම පසුගිය 07වනදා ආරම්භ වූ අතර මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඊයේ දිනය වන විට පුද්ගලයින් 666,612 දෙනෙකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now