විශාල මුදල් ත්‍යාගන් ද සමගින් අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති.
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවය.
මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කරයි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත.
සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය. අන්තර්ජාතික මට්ටමේ පා පැදි තරග පසුබිමක් අනුව යන මෙම තරගාවලියේ දී දුර ප්‍රමාණය, ධාවන මාර්ගය ආදිය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය හොඳම කාල වේගය වාර්තා කොට සුපිරි දක්ෂතා දක්වනු ඇති බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති. මෙම පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
එම ත්‍යාග මුදල් පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |

