"කඳුලු ගෑස් වැදුන වයසක මිනිස්සු ගෙවල් ඇතුළට අරගෙන..වීදුරුකටු ඇහිදපු මිනිස්සු හිටියා..අත් අල්ලල වැන්ඳෙ, ගහන්න එපා කිව්වෙ මුලින්ම ගමේ පාර දෙපැත්තෙ කාන්තාවන්..” - මිරිහාන විරෝධයේ ඔබ නොදුටු පැත්ත..(PHOTOS)
“අම්මල දුවල වැඩි පිරිසක් ගෙදරට ඇඳන් හිටපු ඇඳුම් පිටින් ඇවිත් හිටියා..”
මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ(31) රාත්‍රී ඇතිවූ සිදුවීම මේ වන විටත් සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පවතිනවා.
මේ අතර, අද උදෑසන මහරගම – නුගේගොඩ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම ප්‍රදේශයේ මේවන විට තත්ත්වයයි මේ...
මේ ඊයේ එම විරෝධය ගැන මුහුණු පොතෙන් හමුවුණු ඡායාරූප පෙළක කතාව...
මිරිහාන පාර දෙපැත්තෙම ගෙවල්වල අම්මල අක්කල පාරෙ වතුර බේසම් දිගටම තියල තිබ්බ කඳුලු ගෑස් වැදුන මිනිස්සුන්ට.
කඳුලු ගෑස් වැදුන වයසක මිනිස්සු ගෙවල් ඇතුළට අරගෙන තිබ්බ. විරෝධයපාපු මිනිස්සුන්ගෙ කකුල් කැපෙයි කියල පාරෙ වීදුරු කටු අතුගාපු මිනිස්සු ඉඳල තිබ්බ.
අම්මල දුවල වැඩි පිරිසක් ගෙදරට ඇඳන් හිටපු ඇඳුම් පිටින් ඇවිත් හිටිය.
සමහර ගෙවල්වල උඩ තට්ටුවලින් හෝස් බට ගහල පාරට වතුර දුන්න මූණු සෝදගන්න.
පොලිසියට ආමි එකට සහ ආව හමුදා හැම එකකටම අත් අල්ලල වැන්ඳෙ සහ ගහන්න එපා කිව්වෙ මුලින්ම ගමේ පාර දෙපැත්තෙ කාන්තාවන් !
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |










