අගමැති මහින්ද සහ නාමල් ජනපතිගේ මිරිහානේ නිවසට හදිසියේම යයි.. (VIDEO)

sri lanka prime minister gagana news Sri lanka sinhala news Mr.Gotabhaya Rajapakshe Mr.Mahinda Rajapakshe Mirihana incident presidents' home
By krishani Apr 01, 2022 07:10 AM GMT
krishani

krishani

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, මිරිහානේ පිහිටි නිවසට පැමිණ තිබෙනවා.

ඊට අමතරව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ පැවති විරෝධතාවයෙන් අනතුරුව කාන්තාවක ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

පොලිසියට අයත් බස් රථයක්, ජීප් රථයක්, යතුරුපැදි දෙකක් සහ ජල ප්‍රහාරක රථයකට ද මෙහි දී හානි සිදුව තිබෙනවා. මෙම විරෝධතාවයට 3000 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර පසුව පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගියා.

විඩියෝ දර්ශන - Live at 8 Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now