මිරිහානේ සිද්ධියට 45ක් අත්අඩංගුවට..කාන්තාවකුත් ඒ අතර..විශාල දේපළ හානියකුත්..වසා තැබුණු එම මාර්ගයට ඇතුළු විය හැක්කේ මේ අයට පමණයි...එහි නවතම තත්ත්වය මෙන්න... (PHOTOS)

Police sri lanka mirihana gagana news Sri lanka sinhala news today trending news Mirihana incident
By krishani Apr 01, 2022 02:16 AM GMT
krishani

krishani

Report

නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණි, ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.

ඊයේ(31) රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්‍රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.

මේ වන විට නුගේගොඩ - මහරගම මාර්ගයේ ඇඹුල්දෙණිය හන්දියෙන් මාර්ගය වසා දමා ඇති අතර ඉන් ඇතුළු විය හැක්කේ පාසල් වැන් රථවලට පමණකැයි ද පොලිසිය කියයි මෙම ගැටුමිණි දස දෙනකු පමණ තුවාල ලබා තිබුණි.

තුවාල ලැබූවන් අතර පොලිසියේ පස් දෙනකු ද සිටින බවත් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


GalleryGalleryGalleryGallery