අර්බුද හමුවේ ගෙදර සිට වැඩ කරන්න අගමැතිවරයාගෙන් විශේෂ දැනුම්දීමක් !

sri lanka prime minister special announcement gagana news Sri lanka sinhala news today trending news Mr.Mahinda Rajapakshe
By krishani Mar 31, 2022 11:21 AM GMT
Report

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අනෙකු අමාත්‍යංශවල අනෙකුත් නිලධාරීන්ට නිවෙස්වල සිට සිය රාජකාරී කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී තිබේ.

පවතින අර්බුදය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය පහතින්

"අපේ රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි. "

"අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමි."

"මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි."

"බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත. මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු."