ත්‍රීරෝද රථ සම්බන්ධව විශේෂ නිවේදනයක්

Special announcement gagana news Sri lanka sinhala news today trending news Three wheelers
By krishani Jan 29, 2022 12:02 AM GMT
krishani

krishani

Report

ලබන මස පලමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කූලී ත්‍රීරෝද රථ සදහා මනු සවීකිරීමේ වැඩපිලිවෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත මෙම වැඩසටහන නැවත දැනුම්දෙන තෙක් කල් දමා ඇති බවයි.

මෙම වැඩසටහනේදී අනුමැති ලබාගත් වෙළද ආයතනවලට පමණක් කුළි රථවලට මනු විකීණිමටත් සවි කිරිමටත් අවසර ලබාදී ඇතැයි එහි අධ්‍යක්ෂක එස්.එන්.අකුරන්තිලක ප්‍රකාශ කළා.

නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළද කටයුතු සදහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි සදහා අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුයි.

එසේම, අනුමත කුලී රථ මනු සඳහා හඳුනා ගැනීමේ ස්ටිකරයක් ඇලවීමට ද අපේක්ෂා කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම වැඩසටහන තුලදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීම සඳහා කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත් අනුමත කුලී රථ මනු ස‍්හා හ‍්නාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් සැලසුම් කර තිබෙනවා.

එම වැඩපිළිවෙලහි මූලික අදියර බස්නාහිර පළාතෙනුයි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now