විජයකලාගේ නඩුවට මොකද උනේ?

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Wijayakala Maheshwaran
By krishani Jan 28, 2022 07:50 AM GMT
krishani

krishani

Report

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන ජූනි 10 වන දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කළා.

ඇය සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් සිදු කළ පැමිණිල්ලක් අනුව ආරම්භ කළ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට වාර්තා කිරීමට අද(28) එම නඩුව කැඳවා තිබුණා.

විජයකලා මහේෂ්වරන් අද අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නො තිබීම හේතුවෙන් නඩුව ජූනි 10 වන දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ.

2018 වසරේ යාපනය උත්සවශාලාවක පැවති වැඩසටහනක දී කළ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විමර්ශනවල උධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට සැකකාරිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් උපදෙස් පතා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now