හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක් !

Sri Lanka Air Force gagana news today trending news Sri lanka sihala news
By krishani Jan 28, 2022 04:09 AM GMT
krishani

krishani

Report

හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් සහ පෞද්ගලික ආයතන දෙකක් විසිනැයි එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මේ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2003- 2013 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද 2013- 2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් මේ දක්වාම ගෙවා නැතැයිද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ 2003- 2013 අතර කාලයේදී ලබා ගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශනයක් පවත්වා අයවිය යුතු හිඟ මුදල් පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට දැනටමත් බාරදී ඇති බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2013-2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් අය විය යුතු තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි හිඟ මුදලකට අදාළව වාර්තාවක් මුදල් අමාත්‍යංශයට බාරදීම සඳහා මේ දිනවල පිළියෙල කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. එම මුදල් මුදල් අමාත්‍යාංශය විසින් අයකර ගනු ලැබ ගුවන් හමුදාවට නැවත බාරදිය යුතුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now