බූස්ටර් ගහන්නේ නැති අයට වෙන අලුත්ම වැඩේ !

Vaccine sri lanka covid 19 booster Sri lanka sinhala news today trending news gagana newe
By krishani Jan 28, 2022 02:21 AM GMT
krishani

krishani

Report

තුන්වන මාර්තාව ලෙස ලබා දෙන ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට දඩයක් ගැසීම පිළිබදව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශය කරුණු සොයා බලමින් සිටින බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිනපතා ඉංග‍්‍රීසි පුවත්පතක් සමග ප‍්‍රකාශ කර තිබේ.

රට විවෘත කර ආර්ථික කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම්, පූර්ණ එන්නත්කරණය ඒ සදහා අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.

මේ වන විට වසංගතය යළි කෙමෙන් දරුණු අතට හැරෙමින් තිබෙන අතර, බූස්ටර් එන්නත ලබා ගැනීම සදහා ඇති මහජන උනන්දුව තවමත් ඇත්තේ අඩු මට්ටමකයි. බූස්ටර් එන්නත ලබා නොගන්නා පුද්ගලයන් දඩයකට යටත් කිරීම ලෝකයෙන් වෙනත් රටවල් විසින්ද කරනු ලබයි.

උදාහරණයකට, ඉතාලියේ, වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන් බූස්ටර් එන්නත ලබා නොගෙන ඇත්නම්, ඔවුන්ගෙන් යුරෝ සීයක දඩයක් අයකරන බව ජනවාරි පස්වන දා නිවේදනය කර තිබේ.

බූස්ටර් එන්නත ලබා නොගන්නා මෙරට පුද්ගලයන්ගෙන්ද දඩයක් අයකරනවානම්, එම දඩය අයකරනු ලබන්නේ කවර ආයතනයක් මගින්ද යන්න පිළිබදව ද සොයාබලමින් සිටින බව වෛද්‍ය හේමන්ත හේරත් අදාල පුවත්පත සමග පවසා තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now