ඉදිරියේ දී භයානක තත්ත්වයක් - IDH රෝහලෙන් නිවේදනයක්

covid 19 gagana news today trending news IDH Hospital Sri lanaka sinhala news
By krishani Jan 27, 2022 10:03 AM GMT
krishani

krishani

Report

සමාජයේ කොවිඩ් පැතිරීම හොඳටම වැඩි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ( අයි ඩී එච් රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

මේ තත්වය දිගටම පැවතුණහොත් වැඩිකල් නොගොස් සමාජයේ භයානක තත්වයක් මතුවිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් පැතිරීම පාලනය කිරීමට නම් ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදීම වැදගත් බවද සඳහන් කළේය.

අද බොහෝ ජනතාවට සෞඛ්‍ය නීති අමතකවී ඇති බවත් විශේෂයෙන් මංගල උත්සවය ඇතුළු විවිධ උත්සව සඳහා ලබාදුන් නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන තත්වයක් පෙනෙන්නට නැති බවත් ඔහු පැවසුවේය.

මංගල උත්සව ඇතුළු විවිධ උත්සව සඳහා පමණ ඉක්මවා පිරිස් සහභාගිවීම ගැටලුවක් බවද ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේය.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයි විශ්වාස කරන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව මේ අවස්ථාවේදී තෙවැනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීමද ඉතා වැදගත් බව සඳහන් කළේය.

කොළඹ බෝවන රෝග විද්‍යායතනයද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now