රන්ජන්ව බේර ගන්ඩ කවුද මේ එකතු වුණ අමුත්තන් ! (PHOTOS)

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Ranjan Ramanayake
By krishani Jan 27, 2022 08:45 AM GMT
krishani

krishani

Report

වසර 4ක සිරදඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා කලාකරුවන් පිරිසක් සාකච්ජාවක් පවත්වා ඇත.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියද එක්ව ඇති අතර ජනාධිපතිවරයාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති මහතාද සහභාගීව තිබේ.

මීට අමතරව ප්‍රවීණ කලාකරුවන් වන කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක ඇතුලු 30කට ආසන්න සංඛ්‍යාවක් මෙම සාකච්ජාවට එක්ව සිටි බව වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයාට ලබා දීම සදහා ලිපියක්ද සේනාධිපති මහතා වෙත භාරදීමට කලාකරුවන් පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ප්‍රවීණ කලාකරුවන් වන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක වැන්නන් මීට සහභාගී වී නොතිබීමද විශේෂ සිදුවීමකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


GalleryGallery