මහවැලියෙන් ගොඩගත් කාන්තා මළ සිරුර
ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි මියගිය කාන්තාවගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවය.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් - 55ක් පමණ වයසැති කාන්තාවක් බව පොලීසිය පවසයි.
එම කාන්තාවගේ බවට සැකකෙරෙන අත්බෑගයක් ද ගඟ අසල වැටී තිබී ඇති අතර, එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් හා ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබේ.
එම ස්ථානයට පැමිණි ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, අවට පොලිස් ස්ථානවලට එම කාන්තාවගේ විස්තර පිළිබඳ පණිවුඩ යවා ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරන බවය.
මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරේ.
මේ අතර කුරුවිට පොලීසියට ලද තොරතුරක් මත කුරුවිට කුරුගගේ තිබි පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |