වීදි ගණිකාවන්ගේ අලුත්ම සෙල්ලම (VIDEO)
ගල්කිස්ස - දක්ෂිණාරාම පාරේ පිහිටා ඇති වදකාගරයක් බදු වු මෙම ලැගුම්හල තුලින් දින පතා මෙලෙස පුද්ගලයන් ජීවිතය යදින අඳෝනා හඬ නැගෙන්නේ ප්‍රදේශයේ නිහැඩියාව සුනු විසුනු කරමින්.
දින ගණනාවක් රාත්‍රියේ මෙහි සිදුවන දෑ රූගත කළ අපට දැක ගත හැකිවුයේ මෙය අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු වීදී ගණිකාවන්ගේ තිප්පොලක් බවයි.
ගල්කිස්ස - දක්ෂිනාරාම මාර්ගය ආරම්භ වන ස්ථානයේ සැරිසරන ගණිකාවන් එක් රැයකට පුරුෂයන් කිහිප දෙනෙකු තම වසගයට ගෙන මෙම තිප්පොල කරා රැගෙන එනවා.
මෙම ස්ථානයට පැමිණෙන ඇතැම් පිරිස් ඇතුලට යාමට බියක් දැක් වු අවස්ථාවල වීදි ගණිකාවන් කෙලෙස හෝ ඔවුන්ව තම තිප්පොලට රැගෙනයාමට ඇවිටිලි කරනවා.
කෙසේ හෝ ගණිකා තිප්පොලට තුලට රැගෙන ගිය පසු එන පුද්ගලයන්ගේ මුදල් පසුම්බි, රන් භාණ්ඩ ආදිය කොල්ලකෑම සදහා පොලු මුගුරැ රැගත් සංවිධානාත්මක පිරිසක් මෙම ස්ථානයේම රැදී සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |