මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ අනතුරු ඇඟවීමක් !

public health inspectors gagana news sri lanka sinhala news today trending news A warning
By krishani Jan 27, 2022 03:42 AM GMT
krishani

krishani

Report

දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද එම සංගමය සඳහන් කරයි.

මහජන පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් මෙසේ පැවසීය.

"දැනට ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. දෛනිකව 2000කට ආසන්න කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන බවක් පේනවා නිවැරදි දත්ත ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නොවුණට. මේ වාර්තා වන සංඛ්‍යාවේ වැඩිවීම නිසා ම මේ වෙද්දි රෝහල් පිරී ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහෝමයක ඉඩ මේ වෙද්දි අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දි ආපහු භාරදීලා. මේ වෙද්දි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. මේ රෝගීන්ගේ වාර්තා වීම ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් වෙනබවට පෙර මඟ ලකුණු පහල වෙලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියෝත් මරණ සංඛ්‍යාවත් ඉදිරියේ දී ඉහළ යා හැකියි."

කෙසේවෙතත් අවශ්‍යතාව අනූව රෝහල්වල ධාරිතාව ඉහළ නංවා ගැනීමට රෝහල් බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් වසංගතයේ කුමන නව ප්‍රභේද පැමිණිය ද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now