විදුලි කප්පාදුව පිළිබඳව විශේෂ තීරණය

Sri lanka gagana news Sri lanka sinhala news today trending news Power cut decision
By krishani Jan 27, 2022 02:26 AM GMT
krishani

krishani

Report

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අද දහවල් සිය කොමිසම රැස්වී රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමෙන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතී ද යන්න පිළිබඳව තීරණය කරන බවය.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර තිබුණි.

පවතින ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය කළ හැකි ප්‍රමාණය මෙන්ම විදුලි ඉල්ලුම ද සලකා බැලීමෙන් අනතුරුව විදුලි කප්පාදු යෝජනාව පිළිබදව අද දිනයේ යළි සමාලෝචනයක් සිදුකිරීමට නියමිතව තිබේ. කෙසේවෙතත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වන විට අක්‍රීය වී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් අහිමිවුණි.

පවතින තත්ත්වයන් හමුවේ ඉදිරි දින තුන තුළ ද අඛණ්ඩව විදුලිය සැපයීමට උපරිම උත්සාහයක් දරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now