ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාවටත් විශේෂ තැනක්.ඉදියේදී ආහාර හිඟයක්වවත් එයි ද?
ලොව ආහාර උද්ධමනය ඉහළ ම රටවල් අතර 12 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි 'ට්‍රෙඩින් ඉකොනොමික්ස්' වෙබ් අඩවිය සඳහන් කරයි.
එම වෙබ් අඩවියට අනුව ආහාර උද්ධමනය වැඩි ම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය හා සුරිනාම් ය.
මේ අතර ඉහළ ම උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවලින් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත.
අදාළ දත්ත හා සංඛ්‍යාලේඛනවලට අනුව දකුණු ආසියාතික රටවල් අතරින් පාකිස්තානය පමණක් ශ්‍රී ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් ඇති රටක් වන අතර ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින යන දකුණු ආසියාතික සෑම රටක ම පවතින්නේ අඩු උද්ධමනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ මෙරට ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2021 වසරේ නොවැම්බර් මාසයේදී පැවති සියයට 16.9 උද්ධමනය එම වසරේ (2021) දෙසැම්බර් මාසයේදී සියයට 21.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.
කෙසේ වෙතත්, මේ වන විට රටේ ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කරගත නොහැකිව දිනපතා එළවළු කිලෝ දස දහස් ගණනින් ඉතිරිවන බව ඒවායේ කළමනාකාරවරු පවසති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |