එක්දින රෝහල් වැඩ වර්ජනයක් !

strike gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 26, 2022 05:18 AM GMT
krishani

krishani

Report

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද(26)එක්දින වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වනවා.

හෙද සේවාව පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධ වෘත්තීය සමිති 16ක අද දින බස්නාහිර පළාත තුළ පමණක් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

මෙම වැඩවර්ජනය අද උදේ හතේ සිට හෙට උදේ 07.00 දක්වා පැය 24ක කාලයකට ක්‍රියාත්මක වීමට නියමිත යි.

මහජන සෞඛ්‍ය සේවාව ද අද වැඩ වර්ජනය නිරත වනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවුල් සෞඛ්ය නිලධාරීන් MOH කාර්යාල වැඩවර්ජනය නිරත වන වා.

මෙම වර්ජනය තුළ අත්‍යාවශ්‍ය සහ හදිසි සේවාවන් ක්‍රියාත්මක බව යි වෘත්තීය සමිති පවසන්නේ.

හෙද සේවාවේ විෂමතාව උසස් වීම් දහතුන් දහසකට නො ලැබීම මෙම වර්ජනයට සෘජුව ම බලපා ඇති බව වෘත්තීය සමිති ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now