තරුණ යුවලකගේ ප්‍රේමය මරණයෙන් කෙලවර වීම

sri lanka trending news today news sri lanka sinhala news
By krishani Jan 26, 2022 04:42 AM GMT
krishani

krishani

Report

ගාල්ල - කරන්දෙණිය - පිහිඹියකන්ද ප්‍රදේශයේ තිබී සියදිවි හානිකරගත් බවට සැක කරන තරුණ යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 16ක තරුණියක් සහ 20 හැවිරිදි තරුණයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව යි.

ඔවුන් දෙදෙනා ප්‍රේම සබඳතාවක් ද පවත්වා ඇති අතර, තරුණිය එම තරුණයාගෙන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් නඩුවක් ද විභාග වෙමින් පවතින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක උඩුමහලේ තිබී ඝාතනය කරන ලද බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ල භාවිතයට නොගෙන අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක් වන අතර, මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now