මාස්ක් නැති විදේශිකයන් ගැන ඩලස් කියපු අපූරු කතාව
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් රට තුළ සැරිසරන විදෙස් සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු අතර ප්‍රථමයෙන් ම කළ යුත්තේ පුරවැසියන් තම වගකීම ඉටු කිරීම යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (ජන.25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් කටයුතු කරන විදේශිකයින් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සලකා බැලිය යුුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය. "අපේ පුරවැසි වගකීම පළමුවෙන් ම ඉෂ්ට කරමු. අපි රටට ඉල්ලීමක් කරමු බල කිරීමක් කරමු රෝගීභාවය ආරක්ෂා වෙන්නේ අපේ තුන් වන එන්නත ලබා ගැනීම හරහා පමණ ම යි කියලා අපි ඉල්ලීමක් කරමු. ඒක තමයි මේ වෙලාවේ අපේ යුතුකම සහ වගකීම විදිහට මම නම් හඳුන ගන්නේ."
මේ අතර මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේදී නොයෙකුත් මත සමාජය ගෙන ගිය බවත් යම් මිථ්‍යා මත සහ අසත්‍ය ප්‍රචාර පදනම් කර ගනිමින් ජනතාව තුන් වන මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බව ත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |