අවමඟුල් නිවසක බූරු ගහලා ගුටි කෙළියක්

Funeral trending news gagana news today news sri lanka sinhala news A fight
By krishani Jan 26, 2022 02:04 AM GMT
krishani

krishani

Report

ගාල්ල - යක්කලමුල්ල - කොට්ටව තේ පර්යේෂණායතනය පිහිටි වතුයායේ පැවති අවමංගල නිවසක සූදූ ක්‍රීඩාවේ යෙදීමට එහි නිවැසියන් අවස්ථාව ලබා නොදීම නිසා ඇතිවූ ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පුද්ගලයන් පිරිසක් 24 දින රාත්‍රියේ අදාළ අවමංගල උත්සවයට පැමිණ සූදූ ක්‍රීඩාවේ යෙදීමට සූදානම් වී තිබෙනවා.

කෙසේ වෙතත් නිවැසියන් ඊට විරෝධය පළ කිරීම නිසා ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුවයි තේ පර්යේෂණායතන පිවිසුම අසළදී මෙම ගැටුම හටගෙන ඇත්තේ.

එහිදී යතුරු පැදි සහ ත්‍රීරෝද රථ කිහිපයකටද අලාභ හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now