වෙළඳපොලේ සහල් මිල අඩු වෙලා ද? නැත්තම් වැඩි වෙලා ද? (VIDEO)
trending news
Rice prices
gagana news
today news
sri lanka sinhala news
By krishani
ආනයනය කළ සහල් සුලබ තත්ත්වයේ පැවතියත් තවදුරටත් සහල් මිල පවතින්නේ ඉහළ මට්ටමකයි.
මේ අතර පිටකොටුව සහ මරදගහමුල සහල් වෙළඳපොලේ තොග මිල පසුගිය සතියට සාපේක්ෂව මිල ගණන් අඩු වී තිබුණා.
කෙසේ වෙතත් අප කළ සොයා බැලීමක දී අනාවරණය වුණේ සිල්ලර වෙළඳපොළ තුළ පවතින සහල් මිල ඉහළ ගොස් ඇති බවයි.
සෑම සහල් වර්ගයකම සිල්ලර මිල මේ වසර ආරම්භයේ දී පැවති මිලට සාපේක්ෂව රුපියල් 30ත් 35ත් අතර මුදලකින් වැඩි වී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට සම්බා සහල් කිලෝවක් රුපියල් 180ත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260ත්, රතු හා සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 180ත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 175ක් වැනි මිලකට අලෙවි වනවා.
ආනයනික සහල් කිලෝවක් පවතින්නේ රුපියල් 120ත් 140ත් අතර මිල ගණන් වලටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |