හිරුනිකාගේ නඩුවට මොකද උනේ ?

trending news gagana news today news sri lanka sinhala news Mrs.Hirunika Premachandra
By krishani Jan 24, 2022 06:59 AM GMT
krishani

krishani

Report

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මාර්තු මස 23 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ, එම නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 23 වන දා ආරම්භ කරන බවය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයකු ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනු කර තිබේ.

එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත්හ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත් දෙනකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර දොළහකට අත්හිටුවීමට ද මීට පෙර නියෝග කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now