නොලැබුණු පෙමට පිහි පාරවල් හතක්

accident Murder trending news gagana news today news Sri lanka sinhala news
By krishani Jan 24, 2022 05:26 AM GMT
krishani

krishani

Report

"පොලීසියෙන් පොලිස් නිලධාරීයෙකුට සාධාරණයක් නොවේනම් අහිංසක පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙයිද?"

තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙක් චෝදනා කරයි.

ලබුදුව ප්‍රදේශයේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යාවකට පසුගිය 21 වනදා තරුණයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි.

ශිෂ්‍යාවගේ පියා චෝදනා කරන්නේ, එම පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කළද අවශ්‍ය පියවර ගැනීමට පියවර නොගත් බවය.

ගාල්ලේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු අංශයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි අවුරුදු 23 හැවිරිදි එම ශිෂ්‍යාවට ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසල දි පුද්ගලයකු පසුගිය 21 වනදා පිහියෙන් ඇන තිබුණි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවිය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය මොනරාගල, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

එම සිසුවියගේ පියා පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මීට පෙර හත් වතාවක් සිය දියණියට මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී තණමල්විල පොලීසියට පැමිණිලි කළ බවය.

නමුත් තණමල්විල පොලිසිය ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුනොකළ බවට ඔහු චෝදනා කරයි. සිසුවියගේ පියා ද පොලිස් නිලධාරියෙකි.

ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තුවාල සිදුකළ පිහියද සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බවද සිසුවියගේ පියා සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ පියා පවසා සිටියේ,

"මරණ බවට තර්ජනය කිරීම සහ උසස් තාක්ෂණ ආයතනයට යන්න යන්න දෙන්නේ නැහැ ගියොත් එතනදි මරණවා කිම සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිලි දාලා තියෙනවා දුව සහ බිරිඳ විසින් ගිහිල්ලා. එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් තණමල්විල පොලීසිය විසින් අරගෙන නැහැ. කැම්පස් එකට එන්න එපා මරණවා කියපු එක සම්බන්ධයෙන් පොලීසිය කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඒක බලාගන්නම් කියලා. ජනවාරි 21 වනදා මගේ දුව විභාගය ලියලා කැම්පස් එකෙන් එළියට එනවිට පිහියකින් ඇනලා බරපතළ තුවාල සිදුකළා. ඒ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්න ඕනේ තණමල්විල පොලීසිය විසින් මීට අදාළව හඬපට සහ කෙටි පණිවිඩ සියල්ල අපි ළඟ තියෙනවා. මම වගේ පොලිස් නිලධාරීයෙකුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් රටේ සියලුම අහිංසක පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙයිද කියන ප්‍රශ්නය මට තියෙනවා මගේ දුව මරණවා කියන එක සහ මගේ පවුලේ අය මරණවා කියන එක දාපු සියලු පැමිණිලිවල පිටපත් මගේ ළඟ තියෙනවා. මේ එකක්වත් විභා නොකළ ඒවා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා යම් ක්‍රියාමාර්ගයක් ගනී කියලා මම හිතනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now