වැලිගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවියන්ට වුන අවාසනාවන්ත ඛේදවාචකය
accident
School girls
Sinhala news
trending news
gagana news
today news
Weligama sea
By krishani
වැලිගම වෙරළ උද්‍යානය ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවියන් 4 දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
සිද්ධියෙන් දෙදෙනෙකු බේරා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බරපතල තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අතුරුදන් වී සිටින සිසුවියන් දෙදෙනා අවුරුදු 12 සහ 15 යන වයස්වල පසුවන වැලිගම ප්‍රදේශයේම පදිංචිකාරිණියන්.
මොවුන් දෙමව්පියන් සමග අද දහවල් මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |