චීනයේ දී ශ්‍රී ලංකාවට ඉහළ තැනක් ලැබිලා.මෙන්න විස්තරය

sri lanka china sinhala news trending news gagana news today hot news
By krishani Jan 15, 2022 05:34 AM GMT
krishani

krishani

Report

චීනයේ දයිෂුයි අන්තර්ජාතික ව්‍යාපාර සහයෝගිතා සහ මහජන සුභසාධන සමුළුවේ දී ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සංචාරක කුටිය ඉහළ ආකර්ෂණයක් ළඟා කැර ගැනීමට සමත්ව තිබේ.

ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙළෙඳාම, අධ්‍යාපනික ගනුදෙනු, පුණ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා 2021 වර්ෂයේ දී ආරම්භ කරන ලද දයිෂුයි අන්තර්ජාතික ව්‍යාපාර සහයෝගිතා සහ මහජන සුභසාධන සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, තේ, අත්කම් නිර්මාණ සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර තිබෙන අතර එරට ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පුණ්‍යධාර ආයතන සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙම සමුළුව සඳහා සහභාගි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Guangzhou Sri Road Connection Trade Company Ltd වෙළෙඳ සමාගම සමඟ එක් ව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉන්දියාව, මෙක්සිකෝව, ඉරානය, මොරොක්කෝව යන රටවල පිහිටි අනෙකුත් කොන්සල් කාර්යාල සහ දේශීය විදේශීය ව්‍යාපාරික ආයතන අතර ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කිරීමට සමත්ව තිබෙන අතර ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා ඉහළ පෙළේ ගැනුම්කරුවන් ගණනාවක් ඒකරාශී කර ගැනීම සඳහා අවස්ථාව සලස්වමින් නරඹන්නන් බොහොමයක් ශ්‍රී ලාංකීය නිෂ්පාදන මිලදීගත් බවද සම්බන්ධතා තොරතුරු හුවමාරු කැර ගත් බවද එම අමාත්‍යාංශය කියයි.

සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි නරඹන්නන් උනන්දුවක් දැක්වූ අතර චීන රජය පනවා ඇති සංචාරක සීමාවන් ලිහිල් කළ පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now