ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය අතර ඓතිහාසික ගිවිසුමක් - සෝල් නුවරදී අත්සන් තබයි

Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය (Law Council of Australia) අතර අවබෝධතා ගිවිසුමක් දකුණු කොරියාවේ සෝල් නුවර පැවති 39 වන LAWASIA සමුළුවට සමගාමීව අත්සන් කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුමට ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ සභාපතිනී ටානියා වුල්ෆ් (Tania Wolff) සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් අත්සන් තැබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

1933 වසරේදී පිහිටුවන ලද ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ මූලස්ථානය කැන්බරා නුවර පිහිටා ඇති අතර, එය ඕස්ට්‍රේලියාවේ නීති වෘත්තිය නියෝජනය කරන ප්‍රධානතම ජාතික ආයතනයක් ලෙස සැලකේ.

එම ආයතනය සිය සාමාජික නීතිඥ සංගම් සහ ‘Law Firms Australia’ හරහා ඕස්ට්‍රේලියානු නීතිඥවරුන් 107,000කට අධික පිරිසක් නියෝජනය කරයි.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කරුණු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නීති වෘත්තිය නියෝජනය කරන ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය, යුක්තිය පසිඳලීම, යුක්තිය සඳහා ප්‍රවේශය සහ නීතියේ දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

නීතියේ ආධිපත්‍යය මෙන්ම නීති වෘත්තියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සතු අන්‍යෝන්‍ය කැපවීම මත මෙම ගිවිසුම ඇති කරගෙන තිබේ.

දෙරටේ නීති වෘත්තිකයන් අතර සහයෝගීතාව සහ දැනුම් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ නීතිමය තොරතුරු හා ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම පහසු කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණු වේ.

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි- වාණිජ බැංකු රැසක විකුණුම් මිල තවත් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි- වාණිජ බැංකු රැසක විකුණුම් මිල තවත් ඉහළට