ගෙදර ඉදලා හොඳම මත්පැන්වල ප්‍රමිතිය බලාගත හැකි App එකක්

#sinhala news sri lanka#tamil news sri lanka#today sri lanka news#An app that can check the quality of alcohol#sri lanka today news#Alcohol news#Daily update news###
By krishani Jan 03, 2022 06:21 AM GMT
krishani

krishani

Report

දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් වලට අද සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වාදෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීම මෙහි අරමුණ බව ද ඔහු සඳහන් කළා ය.නව ස්ටිකරය සහිත මත්පැන් වෙළඳපොළට සැපයීමට පෙර වෙළදපොලේ ඇති ස්ටිකරය රහිත මත්පැන් තොග අවසන් කිරීමට අප්‍රේල් මස පළවෙනිදා දක්වා මාස තුනක කාලයක් ලබාදෙන බවද සුරාබදු කොමසාරිස් වරයා පැවසුවා ය.

ඉන් අනතුරුව වෙළඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල ආරක්ෂිත ස්ටිකරේ තිබීම අනිවාර්ය වනු ඇති.

ඒ අනුව 2022 අප්‍රේල් පළවෙනිදා සිට පාරිභෝගිකයන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ලබා දෙන යෙදුමක්(App) ඔස්සේ සෑම මත්පැන් බෝතලයකම ප්‍රමිතිය පරීක්ෂා කර ගත හැකි වනවා.

නීති විරෝධී මත්පැන් වර්ග සහ නීති විරෝධී ලෙස අනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළදපොලට ඇතුළත්වීම වැළැක් වීම සඳහා මෙම ආරක්ෂිත ස්ටිකරය හඳුන්වා දෙන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now