මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි.(PHOTOS / VIDEO)
SINGER
LAKSHMAN VIJESEKARA
FUNERAL
DAL U PAHAN
SINA PIPENA
By Sewvandhi
මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වූ ඔහු දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවුණා.
බාල ළමාවරුනේ, දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර , ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිණිති නැමී ආදි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත ලෙස හැදින්විය හැකියි.
අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇති.
එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි.
මෙතුමාගේ බොහෝ සෙයින් ප්‍රසිද්ධ වූ ගීත කිහිපයක් පහත වීඩියෝවෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






