සිංගප්පූරු රජය කාර්යසාධනය අතින් පෙරමුණට...

By Parami Dissanayake May 15, 2024 06:26 PM GMT
Report

ලොව පුරා රටවල් අතරින් ඉහළ ම කාර්යසාධනයක් ඇති රාජ්‍ය ලෙස සිංගප්පූරුව පෙරමුණට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරුව අඛණ්ඩව එම ස්ථානයට පත්වූ දෙවන අවස්ථාව මෙය වන බවයි.

සිංගප්පූරු රජය කාර්යසාධනය අතින් පෙරමුණට... | Singapore Ranks First In Performance

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 100ක් සැළකිල්ලට ගෙන ඇති අතර, ඒ අතරින් සිංගප්පුරුව ප්‍රථම ස්ථානයට පත් වූ අතර, දෙවන ස්ථානය ඩෙන්මාර්කයට සහ තුන්වන ස්ථානය ෆින්ලන්තය හට හිමි ව ඇත.

අදාළ ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමේ දී නායකත්වය, අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන වැනි ශක්තිමත් ආයතන, රැකියා, නවෝත්පාදන සහ අවස්ථා නිර්මාණය කිරීම ඇතුළත් ආකර්ෂණීය වෙළඳපොළ යන සාධක සැළකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ.

ඉන්දුනීසියාවේ ඉබූ ගිනි කන්ද සක්‍රිය වේ...

ඉන්දුනීසියාවේ ඉබූ ගිනි කන්ද සක්‍රිය වේ...


එමෙන් ම, මෙම ශ්‍රේණිගත කිරීම් වලට අනුව, හොඳම රටවල් 20 අතර සිටින එකම ආසියානු රට බවට පත්ව ඇත්තේ, දකුණු කොරියාවයි.  

සිංගප්පූරු රජය කාර්යසාධනය අතින් පෙරමුණට... | Singapore Ranks First In Performance