පාන් පිටි මිල ඉහළ යන ලකුණු.

Sri Lanka
By Wayomi May 03, 2023 08:10 AM GMT
Wayomi

Wayomi

Report

පිටිවල තොග මිල ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර පවසනවා.

ඒ, තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක ආනයන බද්ද රුපියල් දහතුනකින් (රු.13.00) ඉහළ දැමීම හේතුවෙන්.

පසුගිය ප්‍රේල් 29 දින මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගර ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර නිකුත් කළ චක්‍රලේඛයට අනුව පිටි කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් දහතුනකින් පමණ ඉහළ යා හැකියි.

මෙතෙක් පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 195ක පමණ අගයක පැවැති අතර තිරිගු ඇට ආනයනය කර පිටි බවට පත් කිරීමේදි මෙම නව තීරුබදු ඊට යටත් නොවන අතර පිටි කර ආනයනය කරනු ලබන තිරිගු පිටි සඳහා මෙම තීරුබදු ඉහළ දැමීම නිසා යළිත් පිටි එකාධිකාරයක් ආරම්භ වන බව තොග වෙළෙන්දන් පවසන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW