තවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

Corona virus Covid 19 Shuger price
By Sithumi Aug 27, 2021 03:57 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනට අද (27) එක්වෙමිනි. “ඉදිරි සතිය තුළ දැනට තිබෙන සීනි මිල වැඩිවීම අඩුකිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩුමිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා.

දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා. අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා. ලෝක වෙළෙඳපොළේ ප්‍රවනතාවය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා. පාලන මිලක් දැම්මොත් ප්‍රායෝගික වෙයිද ?

ප්‍රායෝගිකව කළ නොහැකි නම් ගැසට් ගහන්නේ නැහැ.“ දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 200කට අධික මුදලකටය.

සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් තරම් අඩු මට්ටමක තිබියදී වෙළෙඳපොළේ එම අසාමාන්‍ය සීනී මිල පවති.  පරිභෝජනයට නුසුදුසු සීනී තොගයක් වයඹ සමූපකාර සංගමයෙන් මීගමුව විවිධ සේවා සමූපකාර සමිතියට ලැබී තිබුණි. 2018 නිෂ්පාදිත එම තොගය මේ වසරේ නොවැම්බර් මාසයේදී කල් ඉකුත්වීමට නියමිතය.

ඒ, හේතුවෙන් සීනි තොගය යළි වයඹ සමූපකාර සංගමයට යැවීමට මීගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ඊයේ කටයුතු කර තිබුණි. මේ අතර මහනුවර සතොස ශාඛාවේද මේ වන විට සීනී නොමැති බව වාර්තා වේ. මේ අතර ලංකා සීනී සමාගම පවසන්නේ රුපියල් 130ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සීනි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now