පළමු අවසන් පූර්ව තරගය අතරතුර ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත් වෙයි.

By Wayomi Nov 15, 2023 10:56 AM GMT
Report

මේ වන විට 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබෙනවා.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර, මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් මේ අතරතුර ලකුණු 79ක් ලබා සිටි ශුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ,මස්පිඬු පෙරළීමෙන් ඇති වූ ආබාධයක් හේතුවෙන්.