හික්කඩුවේ වෙඩි තැබීමක්...එක් අයෙක් මරුට

By Akash Apr 03, 2025 03:29 PM GMT
Report

අද පස්වරුවේ හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවුනා.

එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් තිබෙනවා.

වෙළදසලක රැදී සිටි විවාහක යුවලක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම අද පස්වරු හතට පමණ සිදු වුණා.

තුවාල ලැබූ යුවල ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.