දකුණ හොල්ලමින් අදත් වෙඩි වරුසාවක්..

Police spokesman Shooting Southern Province Gun Shooting
By Aruna Mar 14, 2024 03:25 AM GMT
Aruna

Aruna

Report

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදෙශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් 'සමන්කොල්ලා' නැමැත්තාගේ නිවසට අද (14) අලුයම ⁣වෙඩි ප්‍රහරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි.

තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීම වන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ReeCha