වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් 02ක් ඇතුළු 06ක් මරුට..

By Aruna Dec 13, 2022 06:39 AM GMT
Report

ඔස්ට්‍රෙලියාවේ ක්වීන්සලන්ත ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු තවත් පුද්ගලයින් සයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (11) දිනයේ දී නිව් සවුත් වේල්ස් පොලිසියේ ඉල්ලීමකට අනුව අතුරුදන් වූ පුද්ගලයෙකු සෙවීමට ක්වීන්ස්ලන්ත් පොලිස් නිලධාරින් හතරදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් බ්‍රිස්බේන් නගරයට කිලෝමීටර් 270ක් බටහිර දෙසින් පිහිටි නිවසකට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම නිවසට ගිය පොලිස් නිලධාරින් එහි ඇතුල්වූ අවස්ථාවේ දී වයි අම්බිල්ල නගරයේ පිහිටි මෙම නිවසට තවත් තුන්දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් පහර දී වෙඩි තබා තිබෙනවා.

පොලිස් කණ්ඩායමට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් සාමාන්‍ය පුරවැසියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු සහ තවත් කාන්තාවක් ද මරුමුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි මැතිව් ආර්නෝල්ඩ් සහ 29 හැවිරිදි රේචල් මැක්‍රෝ නමැති පොලිස් නිලධාරින් දෙදෙනෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now