උදේ පාන්දරම වෙඩි තැබීමක්..පුද්ගලයෙක් රෝහල්ගත කෙරේ..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Shooting
Gun Shooting
By Aruna
මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේම පදිංචි අයකු බවයි මීටියාගොඩ පොලීසිය කියා සිටියේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
