බස් නැවතුමක් අසලදී තිදෙනෙකුට වෙඩි තබා පලායයි..අයෙක් මරුට..

Sri Lanka Police Colombo Shooting
By Aruna May 30, 2022 05:21 AM GMT
Aruna

Aruna

Report

පිටකොටුව, බැස්කියන් මාවත බස් නැවතුම් පොල ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (30) පෙරවරුවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කළේදැයි යන්න තවමත් අනාවරණය කර ගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now